නදීමාල් මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට තහවුරු වෙයි

ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පල වාර්තාවට අනුව ඔහු මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට බර් ඩුබායි පොලිසිය තහවුරු කළ බව නීතීඥ උඳුල් ප්‍රේමරත්න මහතා පවසයි.

ප්‍රේමරත්න මහතා සදහන් කර සිටියේ ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් එරට පොලිසිය වෙත කරුණු දැක්වීමට පියවර ගත් බවයි.

අත්අඩංගුවට ගත් පිරිස රඳවා සිටින බර් ඩුබායි පොලිසිය වෙත අද (12) පෙරවරුවේ ගොස් මෙම කරුණු දැක්වීම සිදුකර ඇත.

නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පල වාර්තාවට අනුව ඔහු මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට එහිදී පොලිසිය තහවුරු කර තිබේ.

අත්අඩංගුවේ පසුවන සෙසු අයගේ රුධිර සාම්පල වාර්තා මෙතෙක් ලැබී නොමැති බවට එම නිලධාරීන් ප්‍රකාශ කළ බවද නීතීඥ උඳුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *