ඉන්දිය මෙහෙයුමකදී අල්ලාගත්තේ ‘බ්ලූබැන්ඩල් සංඛ’ බවට සැකයක්

නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට පැමිණ සැඟවී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් සහ ඉන්දීය ජාතිකයෙක් තමිල්නාඩු කේනිකරායි ප්‍රදේශයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලින් මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන නිතිය උල්ලංඝණය කරමින් ඉන්දියාවේ රැඳී සිටීමේ චෝදනාවටයි.

නමුත් සිදුකර තිබෙන විමර්ශනවලට අනුව අත්අඩංගුවේ ගෙන ඇත්තේ කොළඹ පදිංචිකරුවන් දෙදෙනක් වන ඩි.සංඛ හෙවත් සිරිනාත් (අවුරුදු 33) සහ සබ්රාස් මොහොමඩ් (අවුරුදු 28) යන අයවළුන්ය. මනුෂ්‍ය ඝාතනයන් දෙකක් සිදුකොට මොවුන් දෙදෙනා ඉකුත් දෙසැම්බර් මාසයේ දී නිතිවිරෝධිව අයුරින් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පැමිණ ඇති බවට එරට බුද්ධි අංශ විසින් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ කරුණු අනාවරණය කර ගෙන ඇති බවත් සඳහන්.

මෙලෙස ඉන්දීයාවේ තමිල්නාඩු හිදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන සංඛ ශිරන්ත හෙවත් “බ්ලුමැන්ඩල් සංඛ” බවට සැක කරනවා.

නීති විරෝධී අයුරින් ඉන්දියාවට ඇතුල්වූ පසු සංඛ එරට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පතක් “කුමාර්” යන නමින් සකස් කොට ගෙන ඇති අතර එහි පදිංචිය තමිල්නාඩු දින්ඩිකල් ලෙස සඳහන් කර තිබී ඇති බව එරට පොලිසිය සඳහන් කරයි

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *