Preshoot අතරේ ‘සේරඇල්ලට ඇද වැටුණු තරුණයාගේ’ සිරුර හමුවේ

ලග්ගල පොලිස් බල ප්‍රදේශයට අයත් නකල්ස් භූමියේ පිහිටා ඇති සේරඇල්ලේ සිට ඡායාරූප ගැනීමට ගොස් අතුරුදන් වු තරුණයාගේ සිරුර සොයාගත් බව ලග්ගල පොලීසිය සඳහන් කළා.

නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි එස් කේ ශිරන්ත රත්නසූරිය නැමැති 27 හැරිදි තරුණයෙක් මෙසේ මරණයට පත්ව තිබෙනවා.

ඊයේ දිනයේදී සිය පෙම්වතිය ඇතුළු පිරිසක් සමඟ සේරඇල්ල අසළ සිට ජායාරූප ගනිමින් සිටි ඔහු සේර ඇල්ලේ පහළ වතුර රැදී තිබෙන කොටසේ පය ලිස්සා වැටී ඇති අතර අනතුරින් පෙම්වතියගේ දිවි බේරී තිබුණා.

ඔහු සිය අනාගත මනාලිය සමග සිදු කළ පෙර රූගත කිරීමකදී මෙම අනතුරට මුහුණ පා ඇති බව වාර්තා වනවා.

ලග්ගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *