මන්නාරම සමූහ මිනීවල තුළින් ලබාගත් අස්ථි සාම්පලවල කාබන් වාර්තාව අද (20) උදෑසන මන්නාරම මහේස්ත්‍රාත් ටී. සරවනරාජා වෙත භාරදුන් බව මන්නාරම සමූහ මිනිවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සමින්ද රාජපක්ෂ පැවසුවා.
ඔහු පෙන්වා දෙන්නේ සමූහ මිනිවල සම්බන්ධයෙන් කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමු කළ සාම්පලය හයෙන් පහක වාර්තාව එලෙස භාරදුන් බවයි.
වාර්තාව මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය ලද විගස මාධ්‍ය වෙත නිකුත් කරන බවද හෙතෙම පැවසුවා.
ලැබීමට නියමිත අනෙක් සාම්පලය සම්බන්ධ වාර්තාව ඉදිරියේදී ලැබෙනු ඇති බවද සඳහන් කළා.
සමූහ මිනිවල තුළින් 147 වන දිනට අද (20) පරීක්ෂණ පවත්වන අතර, මිනිවල තුළින් මිනිස් සිරුරු 323 ක අස්ථි කොටස් මතුකර ගැනීමට හැකිවී තිබෙනවා.
ඉන් මිනිස් සිරුරු 314 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර, ඒ අතර ළමුන් 28දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතිනවා.
සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කළ සාම්පල් හයක් ජනවාරි 23 වැනිදා ෆ්ලෝරිඩාවේ කාබන් නීර්ණ පරීක්ෂණ රසායනාගාර වෙත ලබාදුන් අතර, අදාළ පරීක්ෂණ වාර්තා ප්‍රතිඵල එලෙස ලැබු බවද ඔහු වැඩිදුරටත් පැවසුවා