බෝයිං යානා ගැන සැක පළවේ – ඉන්දුනීසියාවේ දී වැටුනෙත් මෙවැනිම යානයක් !

මාස 05ක් වැනි කෙටි කාලයක් තුළ බෝයිං වර්ගයේ ගුවන් යානා දෙකක් අනතුරට ලක්වීමත් සමග බෝයිං ගුවන් යානා සමාගම මේ වනවිට ගැටළුකාරී තත්වයකට පත්ව තිබෙනවා.

අමෙරිකානු ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන මෙම සමාගම ඒ පිළිබඳ දැඩි කලබලයකට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉතියෝපියාවේදී ඊයේ (10) අනතුරට ලක්වූයේ ද බෝයිං වර්ගයේ ගුවන් යානයක්. එහි ගමන්ගත් 157 දෙනාම අනතුරෙන් ජීවතක්ෂයට පත්වුණා. ඉතියෝපියානු බලධාරීන් පවසන්නේ මීට මාස 06කට පමණ පෙර මිල දී ගත් ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි.

මාස 05ක් වැනි කෙටි කාලයක් තුළ බෝයිං වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වූ දෙවන අවස්ථාව මෙයයි. ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ දී ද ඉන්දුනීසියාවේ දී බෝයිං වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වුණා. එහිදී ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 189 දෙනෙක්

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *