ලොව පුරා රටවල් රැසක් බෝයිං 737 මැක්‌ස් වර්ගයේ ගුවන්යානා ධාවනයෙන් තාවකාලිකව ඉවත් කළ ද තමන් දිගටම එම යානා නිපදවන බව ඇමරිකානු බෝයිං සමාගම පවසනවා.
තම ගුවන් සමාගමේ වැඩිම ඉල්ලුම ඇති ගුවන් යානය එය බවයි ඔවුන් පවසන්නේ.
බෝයිං සමාගම පෙන්වා දෙන්නේ අනතුරු දෙකක් සිදුවීම නිසා ගුවන්යානා නිෂ්පාදනය නවතා නොදමන බවයි.
මෙම සමාගම සතු සේවකයන් ගණන හැත්තෑ දහසක්.
දැනට මාසයකට බෝයිං 737 මැක්‌ස් වර්ගයේ ගුවන්යානා 52 ක් නිපදවනු ලබනවා.