බොරැල්ල රථවාහන ස්ථානාධිපතිව හප්පා පලාගිය ඩිෆෙන්ඩර් රථයේ තොරතුරු හෙළිවේ (UPDATE)

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පළා ගිය ඩිෆෙන්ඩර් රථය සොයාගෙන තිබෙනවා.

බම්බලපිටියේදී මෙම අනතුර සිදුව තිබුණා.

අදාළ ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ නිවසකින් සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ

………………………

බොරැල්ල රථවාහන ස්ථානාධිපතිව හප්පා විෆෙන්ඩර් රථය පළා යයි – ස්ථානාධිපතිගේ තත්ත්වය බරපතලයි

බොරැල්ල  පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිව අද (24) පෙරවරුවේ අනතුරකට ලක් කර විෆෙන්ඩර් රථයක් පළා ගොස් ඇති බව වාර්තා වෙනවා.

අනතුරට පත් බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටි බොරැල්ල පොලීසියේ, රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මෙලෙස අනතුරට මුහුණ දී ඇත්තේ බම්බලපිටියේදීයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *