බොරැල්ල ට්‍රැෆික් OIC මරණාසන්නව සිටියදී බිරියගේ මුදල් පොකට් එකට විදලා

මාරක රිය අනතුරකට මුහුණ දී පසුගියදා මියගිය බොරැල්ල පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියදී ඔහුගේ බිරිය සතුව තිබූ රුපියල් ලක්ෂයක මුදල් සහිත පසුම්බිය රෝහල තුළදී සොරා ගැනීමේ සංවේදී පුවතක් වාර්තා වේ.

ඒ පිළිබඳව දැඩි සංවේගයෙන් යුතුව කරුණු දැක්වූ මියගිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිය වන අනෝමා හතුරැසිංහ මහත්මිය මෙසේ සොරකම් කරනු ලැබුවේ මියගිය සරත්චන්ද්‍ර මහතාගේ වැටුප් මුදල සහ පොලීසියේ සහෝදර නිලධාරීන් විසින් සම්මාදන් කොට තමා වෙත බාරදුන් මුදල් බවද සඳහන් කළාය.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දොරටුව අසලදී දැඩි කම්පනයකින් සිටි තමන්ගේ බෑගයේ දමා තිබූ මේ මුදල සොරාගත් තැනැත්තා මුදල් පසුම්බිය විවෘත කර මුදල් සොරාගෙන හිස් මුදල් පසුම්බිය අසල කසළ බඳුනකට දමා තිබියදී හමුවූ බවද ඇය කීවාය.

එම පරිශ්‍රයේ සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතිය අක්‍රීය වී තිබීම නිසා මෙම සොරකමට වගකිවයුත්තා සොයාගත නොහැකි බව තමන් ඒ ගැන රෝහල් බලධරයන්ට පැමිණිලි කළ පසු දැන්වූ බවද ඇය පැවසුවාය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *