බොරැල්ල පොලිසියේ රථවාහන ස්ථානාධිපතිවරයාව රිය අනතුරකට ලක්කර පලා ගිය පිරිස අතරින් බහුතරයක් රාත්‍රී සමාජ ශාලාවලට ගොස් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසනවා.
මෙම පිරිස අතර කාන්තාවක් සහ පොලිස් අධිකාරිවරයකුගේ පුත්‍රයකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ පුත්‍රයකු ඇතුළු අට දෙනකු සිටිනවා.
එම සැකකරුවන් අතරින් බහුතරයක් රාත්‍රී සමාජ ශාලාවලට ගොස් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ප‍්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවල පටිගත වී ඇති සී. සී. ටී. වී. දර්ශන ලබාගෙන ඉදිරි පරීක්‍ෂණ පවත්වන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මාධ්‍ය හමුවේ සඳහන් කරනු ලැබුවා.
චේතනාන්විතව රිය අනතුරක් සිදුකර පලා යෑම, රිය අනතුරක් පොලිසියට වාර්තා නොකිරීම ඇතුළු මෝටර් රථ ආඥා පනත යටතේ ගැනෙන චෝදනා මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන චෝදනා සැකකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙනවා.