බම්බලපිටියේදී සිදුවූ ඩිෆෙන්ඩර් අනතුර සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ඇතමුන් පළ කරන අදහස් සත්‍යයෙන් තොර බව රථ වාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මෙම අනතුර නිසා මරණයට පත්වුණා.
එවැනි අසත්‍ය තොරතුරු පළ කරන පුද්ගලයින්ද ඉදිරියේදී සාක්‍ෂි ලබාගැනීම සදහා අධිකරණය හමුවට කැදවන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියාසිටියේ.
දැනට පුද්ගලයන් 15කගේ ෆේස්බුක් තොරතුරු ලබාගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඩිෆෙන්ඩර් අනතුරෙන් මියගිය බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ හිටපු ස්ථානාධිපති ආනන්ද සාගර සරත්චන්ද්‍රගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව හෙට (11) පස්වරු 4 ට සිදු කෙරෙනවා. ඒ, බොරැල්ල කනත්තේදීයි.