ඩිෆෙන්ඩර් රථයක ගැටී බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසනවා.
පසුගිය 24 දා මෙම අනතුරු සිදුවිය. පොලිස් පරීක්ෂකවරයා ඊයේ (9ද) රාත්‍රී 8.45ට පමණ ජීවිතක්යෂයට පත්වුණා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථයේ ඊට පසුපසින් ධාවනය වූ ජීප් රථයේ ගමන් කළ 8 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූ අතර අත්අඩංගුවට පත් පිරිස අතර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමයේ මහතාගේ පුතා හා කොළඹ නාගරික මන්ත්‍රී වරයෙකුගේ පුත්‍රයෙකුද සිටියා.
කෙසේ වෙතත් එක් සැකකරුවෙක් රිමාන්ඩ් කර සෙසු පිරිස ඇප මත නිදහස් කරනු ලැබුවා.