බොරැල්ල OIC අවසන් ගමන් යද්දී ‘ඩිෆෙන්ඩර් රියැදුරු වෙනුවෙන් ‘ අධිකරණය දුන් නියෝගය

බම්බලපිටිය ප්‍රදේශයේ දී පසුගිය 24 වැනිදා සිදුවූ රිය අනතුරකින් මරණයට පත් බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු අද (11) පස්වරුවේ සිදු කෙරුණා.

අවසන් කටයුතු සඳහා සරත්චන්ද්‍ර මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු පොලිසියේ නිලධාරීහු රැසක් එක්ව සිටියා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සරත්චන්ද්‍ර මහතා සෙනසුරාදා (9) අභාවප්‍රාප්ත වුණා.

මේ අතර බොරැල්ල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මරණයට පත් කළ රිය අනතුරට සම්බන්ධව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඩිෆෙන්ඩරයේ රියදුරු ලබන මස 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එ.ඒ.ජි.එස් සී . පෙරේරා මහත්මිය අද නියෝග කළා.

හඳුනා ගැනීමේ පෙරට්ටුවට ද ලබන 18 වැනිදා ඉදිරිපත් කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය එදින තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද, සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්ථාවක්ද එදිනට ඉදිරිපත් කරන ලෙසද පොලීසියට නියෝග කර සිටියා.

සිද්ධිය වු අවස්ථාවේදී එම රියට පිටුපසින් පැමිණි අනෙක් රිය සම්බන්ධයෙන්ද සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මෙහිදී නියෝග කෙරුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *