තුර්කියේ පාපන්දු තරඟයක් අතරතුර හදිසියේ කැමරාවට හසුවුණු කුඩා දරුවෙක් දුම් පානය කරන දර්ශනයක් කාගේත් අවධානයට ලක්වන්නට සමත් වුණා. Bursaspor සහ Fenerbahce යන පාපන්දු සමාජ අතර පැවැත්වූ තරඟයකදී තමයි මේ සිදුවීම දකින්න ලැබුණේ.
අවුරුදු 10ක පමණ වයසේ කුඩා පිරිමි ළමයෙක්, තවත් එම වයසේම පිරිමි ළමයෙක් සමග කතාබහ කරන ගමන් දුම් පානය ආකාරයකුයි එහිදී දකින්න ලැබුණේ. කෙසේ වෙතත් මෙම දර්ශනය ඔස්සේ හඹා ගොස් මේ දරුවා ගැන හෝඩුවාවක් හොයාගන්නට මේ වනවිට මාධ්‍ය සමත්ව තිබෙනවා. ඒ හෙළිදරවුව කවුරුත් පුදුමයට පත් කරවන්නක් තිබෙනවා.
එයට හේතුව නම්, අවුරුදු 10කට මදක් වැඩි පෙනුමක් සහිත ළමයෙක් සේ පෙනුණු එම තැනැත්තා ළමයෙක් නොව 36 හැවිරිදි පුද්ගලයෙක් වීමයි. ඔහු අසලින් සිටි අනික් ළමයා ඔහුගේ පුතා බවටයි පැවසෙන්නේ.
අදාළ වීඩියෝව පහතින්
Fenerbahçe ve Bursaspor'un çocuklar için düzenlediği maçtaki görüntüye bak ahdsahjadshjajhajh pic.twitter.com/2WPsqTpLrU
— Nikola (@objektifdegilim) September 8, 2019