බ්‍රසීලයේ පාපන්දු පුහුණු සංකීර්ණයක ගින්නකින් දස දෙනෙකු මිය යයි

බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ අගනුවර පිහිටි පාපන්දු පුහුණු මධ්‍යස්ථානයක හටගත් ගින්නකින් පුද්ගලයින් 10දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ එරට විශාලතම ජාත්‍යන්තර පාපන්දු ක්‍රීරඩා සමාජ අතරට අයත් පුහුණු මධ්‍යස්ථානයක මෙම ගින්න හට ගෙන ඇති බවයි.

ගින්නෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර සිටින 06දෙනෙකු යොවුන් පාපන්දු ක්‍රීරඩකයින් වනවා. අනෙක් සිව්දෙනා පුහුණු මධ්‍යස්ථානයේ සේවය කළ සේවකයින් බව සඳහන්. ගින්නෙන් තවත් යොවුන් පාපන්දු ක්‍රීරඩකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *