දුම්රිය සංඥා නොතකා ගිය අක්කයි මල්ලියි

කොළඹ යාපනය දුම්රිය මාර්ගයේ කුරුණෑගල නයිලිය දුම්රිය නැවතුම්පොළේදී ඊයේ (15) උදෑසන වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එකම පවුලේ සහෝදරයෙක් හා සහෝදරියක් ජීවිතක්ෂයට පත්වී තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ මාවතගම කහපත්වල ප්‍රදේශයේ පදිංචි සමන්තා තෙන්නකෝන් සහ ප්‍රභාත් තෙන්නකෝන් නමැති එකම පවුලේ දෙදෙනෙකුයි.

ඔවුන් දෙදෙනා ගමන් කළ වෑන්රථය කුරුණෑගල නයිලිය දුම්රිය ස්ථානයේ දී කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ගමන් කරමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියෙහි ගැටී තිබෙනවා. නයිලිය දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගය ස්වයංක්‍රීය සංඥා පද්ධතිය ක්‍රියාත්මක කොට වසා තිබියදී මියගිය දෙදෙනා ගමන් කළ වෑන් රථය එම සංඥා නොතකා දුම්රිය මාර්ගය හරහා ධාවනය කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වුණා.

එම අවස්ථාවේ වේගයෙන් පැමිණි දුම්රිය වෑන් රථයෙහි ගැටී ඇති අතර වෑන්රියේ සිටි මෙම දෙදෙනා අනතුරින් එම ස්ථානයේදීම මියගොස් තිබුණා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.