අතපය ගැටගසා මුහුණ සිවුරෙන් වසා ‘ අපවත් කරවූ ‘ බුද්ධානන්ද ලොකු හාමුදුරුවෝ

ඉඳුරුව ගල්කන්ද රජමහා විහාරාධිපති යටියන බුද්ධානන්ද හිමියන් කිසියම් පිරිසක් විසින් පෙරේදා රාත්‍රී හෝ ඊයේ (29) අලුයම ඝාතනය කොට තිබීම සම්බන්ධයෙන් වූ මහෙස්ත්‍රාත් පරීක්ෂණය බළපිටිය මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා විසින් ඊයේ (29දා) පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයේදී පවත්වනු ලැබුවා.

සිද්ධිය වූ ස්ථානයට බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී අයිරාංගනී ප්‍රනාන්දු මහත්මියද ඊයේ (29දා) පෙරවරුවේ පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණයේ මූලික පරීක්ෂණ කටයුතු සිදු කරන ලද අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා දේහය බළපිටිය මූලික රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ඝාතනයට ලක්වූ ස්වාමීන් වහන්සේගේ මෘත දේහය ඊයේ (29දා) පෙරවරුවේ මෙම විහාරස්ථානයේම වැඩ වාසය කරන වෙනත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සොයාගෙන තිබෙන බව කොස්ගොඩ පොලිසිය පවසනවා.

එම ස්වාමීන් වහන්සේද ඝාතනයට ලක්වූ ස්වාමීන් වහන්සේගේ වයස් මට්ටමේම අයකු බවද කොස්ගොඩ පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

ඝාතනයට ලක්වූ නායක ස්වාමීන් වහන්සේ පෙරේදා (28දා) රාත්‍රි 10.00ට පමණ නින්දට ගොස් තිබෙන බවත් එයින් පසුව මෙම ඝාතනය සිදුව තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබුණා.

ස්වාමීන් වහන්සේගේ අත් සහ පය ගැටගසා තිබී ඇති බවත් මුහුණ සිවුරෙන් වසා තිබූ බවත් උල් ආයුධයකින් ඇන තිබූ බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි කොස්ගොඩ පොලිසිය පවසනවා. ස්වාමීන් වහන්සේගේ බෙල්ලේද කැපුම් තුවාලයක් තිබූ බවත් කොස්ගොඩ පොලිසිය සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *