2019 අයවැය යෝජනාව අනුව වාහන මිළ ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරන්චිගේ සඳහන් කළා.
ඇක්සියෝ වර්ගයේ කාර් රථයක් රුපියල් 600,000/- කින් පමණ ඉහළ යන අතර ප්‍රිමියර් සහ CHR වර්ගයේ කාර් රථයක මිල රුපියල් 700,000/- කින් ද වැගන් ආර් (Wagon R) වර්ගයේ කාර් රථයක් රු. 250,000 කින් ද ඇල්ටෝ වර්ගයේ කාර් රථයක් රු. 150,000 කින් ෆද මිළ ඉහළ යන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
සිලින්ඩර් ධාරිතාව 800ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන මත නිෂ්පාදන බද්ද රුපියල් 250000/- කින් සහ සිලින්ඩර් ධාරිතාව 1500ට අඩු පෙට්‍රල් දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රුපියල් 500000/- කින් වැඩි කිරීමට ද අයවැයෙන් යෝජිතයි.
සිලින්ඩර් ධාරිතාව 800ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 150,000/- කින් හා සිලින්ඩර් ධාරිතාව 1000ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 175,000 කින්ද, සිලින්ඩර් ධාරිතාව 1300 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 500,000 කින් වැඩි කිරීමට ද අයවැයෙන් යෝජනා කර තිබෙනවා.