විදුලි මෝටර් වාහන බදු පහළට..දෙමුහුන් වාහන බදු ඉහළට – අද පැනවූ බදු මෙන්න(UPDATE)

කි.වොට් 70 විදුලි මෝටර් වාහන මත නිෂ්පාදන බද්ධ 175000/- කින් අඩු කිරීමට අය වැය මගින් අද යෝජනා කෙරුණා.

සිලින්ඩර් ධාරිතාව 800ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන මත නිෂ්පාදන බද්ද රුපියල් 250000/- කින් සහ සිලින්ඩර් ධාරිතාව 1500ට අඩු පෙට්‍රල් දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රුපියල් 500000/- කින් වැඩි කිරීමට ද අයවැයෙන් යෝජිතයි.

සිලින්ඩර් ධාරිතාව 800ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 150,000/- කින් හා සිලින්ඩර් ධාරිතාව 1000ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 175,000 කින්ද, සිලින්ඩර් ධාරිතාව 1300 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 500,000 කින් වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා.

කුඩා ට්‍රක් රථ සඳහා පනවා ඇති බදු වහා ඉවත් කරන බව ද මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා මෙහිදී සඳහන් කළා.

මෙම යෝජනාවන්ට අනුව වාහන ආනයනයකරුවන්ගේ ඉල්ලීම් මුදල් අමාත්‍යංශය නොසලකා හැර ඇති බවයි පෙනෙන්නේ.

………………………………………………………………………………………

හයිබ්‍රිඩ් වාහන සහ වෑන් මිළ පහළට ?- ආනයනයකරුවන්ගේ අයවැය යෝජනා මෙන්න

හයිබ්‍රිඩ් වාහනවල සහ වෑන් රථවල මිලද අඩු කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කරනු ඇති බවට වාහන ආනයනය කරුවන්ගේ අතර විශ්වාසයක් ඇතිව තිබෙනවා.

වාහන අනයනයකරුවන් මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ මහතා TRUENEWS.lk වෙබ් අඩවියට සඳහන් කළේ.වාහන අනයනයකරුවන් මෙරට ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලෙසද ඔවුන් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ආනයනය කරනු ලබන මෝටර් රථ වාහන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ නියාමන කිහිපයක් ක්‍රියාත්මක කිරීම 2018 අයවැය තුළින් ද අතපසුකර තිබුණා.

ඒ,ආරක්ෂණ තත්ත්වය සහ වායු විමෝචන ප්‍රමිතීන් දියුණු කිරීම සඳහා වූ යෝජනා ක්‍රියාත්මක කිරීමයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *