බුගාටි සමාගම ඔවුන්ගේ නවතම සුපිරි පෙලේ මෝටර් රථයක් පසුගියදා එළිදැක්වූවා. ඒ ජිනීවා නුවර පැවති මෝටර් රථ ප්‍රදර්ශනයක් අතරතුරදීයි.
මේ මෝටර් රථය 1936 වසරේ නිෂ්පාදනය කල 57 SC මෝටර් රථයට ගෞරවයක් වශයෙන් එළිදක්වා තිබීම විශේෂත්වයක්. කළු මෝටර් රථය නමින් නම් කර ඇති මෙම මෝටර් රථය එහි ආවරණ ඉවත් කිරීමට පෙරම අලෙවි වී තිබෙනවා. ඒ අමෙරිකානු මිලියන 12.3 ක මුදලකට බවයි එම සමාගම පවසන්නේ.
ඒ අනූව මෙම නව මෝටර් රථය ලොව මිල අධිකම මෝටර් රථයක් බවට පත්වුනා. අශ්ව බල 1479 ක ධාරිතාවයකින් යුතු ලීටර් 8 ක එන්ජිමක් මෙම මෝටර් රථයට අන්තර්ගත කර තිබෙනවා.
දැකුම්කලු කළු වර්ණයක නිමාවකින් මෙම මෝටර් රථය නිෂ්පාදනය කර ඇති අතර මෙය එහි වටිනාකම වැඩි කිරීමට තවත් සාධකයක් වී ඇති බව සඳහන්.
කෙසේ නමුත් මෙවර ජිනීවා නුවර පැවති මෙම මෝටර් රථ ප්‍රදර්ශනය මෙම මෝටර් රථයත් සමග සුවිශේෂී මුහුණුවරක් ගත්තා. නමුත් පසුගිය වසරේ මෝටර් රථ ප්‍රදර්ශනයේදී ෆෙරාරි සමාගමේ සුපිරි පෙලේ මෝටර් රථයක් වන 250 GTO මෝටර් රථය ඩොලර් මිලියන 70ත් 80 ත් අතර මිලකට අලෙවි වී ඇති බවයි වාර්තා වන්නේ.