STF මෙහෙයුමෙන් හසුවූ සුජීගේ වෙඩික්කරුවා ‘ LTTE චාල්ස් ඇන්තනී බළකායේ’ සාමාජිකයෙක්

විශේෂ කාර්ය බලකායේ මේ වන විට අත්අඩංගුවට පත් වු අපරාධ කල්ලී සමාජිකයින් සම්බන්ධ අපරාද ගණනාවක් අනාවරනය වෙමින් ඇති බව වාර්තා වෙනවා.

ඩුබායි හි සැගවී සිටින දකුණේ පාතාල කල්ලි නායකයෙක් වන කොස්ගොඩ සුජී නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු බව සඳහන් හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජික කෙනඩි නොහොත් බුම්මාගේ ජා ඇළ වැලිගම්පිටියේ පිහිටි ආරක්ෂක නිවස්නයක් වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකාය එහි තිබී මත්ද්‍රව්‍ය ‍තොගයක් සමඟ ගිනි අවි රැසක් ද සොයාගෙන තිබුණා.

ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා එල්. ටී. ටී. ඊ යේ චාල්ස් ඇන්තනී බළකායේ සිටි වෙඩික්කරුවෙක්.

යුද්ධය නිමාවීමෙන් පසු හමුදාවට භාරවී වසර තුනක් පුනරුත්ථාපනය වී ඇති ඔහු එහිදී කොස්ගොඩ සුජී නැමැති පාතාල කල්ලි නායකයා සමඟ සම්බන්ධකම් ගොඩනඟා ගනිමින් දකුණේ ඝාතන රැසකට සම්බන්ධ වී ඇති බවත් මේ වන විට හෙළිව තිබෙනවා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *