‘Case Number 5553/19’ – මදූෂ් ඇතුළු පිරිස පිළිබඳ පරීක්ෂණ වාර්තාවේ ඇත්ත මෙන්න

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකදූරේ මදූෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් බර් ඩුබායි පොලිසියේ විමර්ශන අවසන් වී ඇතත් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ඔවුන් සතුව මත්ද්‍රව්‍ය තිබී හසුවූ බවට මෙතෙක් එරට පොලිසිය වාර්තා කර නොමැති බව එරට සිටින truenews.lk වාර්තාකරු පවසනවා.

අත්අඩංගුවේ සිටින සැකකරුවන් කිහිප දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බව පමණක් බර් ඩුබායි පොලිසිය සිය වාර්තාවල මෙතෙක් සඳහන් කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම පිරිස අතරින් කවුරුන් සඳහා නඩු පවරන්නේ ද යන්න සම්බන්ධයෙන් ද මෙතෙක් බර් ඩුබායි පොලිසිය අවසන් තීරණයකට එළඹ නොමැති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් බර් ඩුබායි පොලිසිය Case Number 5553/19 යටතේ පරීක්ෂණ සිදු කරනු ලබනවා.

මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බවට සනාථ වුව හොත් එරට නීතිය අනුව අවම වශයෙන් වසර 3ක සිර දඬුවමක් හිමි වන අතර සංචාරක වීසා මත රැඳී සිටින පුද්ගලයෙකු වෙනත් රටක දී මත්ද්‍රව්‍ය පානය කර පසුව ඩුබායි වෙත පැමිණ සිටී නම් ඔහුව ඇතැම් අවස්ථාවල එරටින් පිටුවහල් කිරීම පමණක් සිදු කළ අවස්ථා ද ඇති බවයි truenews.lk වාර්තාකරු සඳහන් කළේ.

ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සංචාරක වීසා මගින් එරටට පැමිණ ඇත්තේ සාදය පැවැත්වුණු දින එරට වේලාවෙන් පස්වරු 5ට පමණ බවයි බර් ඩුබායි පොලිසිය සිය වාර්තාවල සඳහන් කර ඇත්තේ.

You May also like

1 Comment

  1. Lankawa wage ehe policiyath jarawa kalada manda….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *