මාකදූරේ මදූෂ් ඇතුළු පිරිස පිළිබඳ ‘බර් ඩුබායි පොලිසියේ පරීක්ෂණ වාර්තාව’ මෙන්න (EXCLUSIVE)

ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා එහි ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න සමග එක්වීම සඳහා තවත් මෙරට නීතිවේදියෙකු අද (11) ඩුබායි වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

අමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඔහුගේ පවුලේ අනුමැතිය පරිදි ඇටෝනි බලපත්‍රයක් සමග ශ්‍රී ලංකාවේ පිහිටි එරට තානාපති කාර්යාලයේ අනුමැතිය ද සහිතව මෙලෙස පෙනී සිටීම සිදු කරන බවයි නීතිඥ උදුල් ප්‍රේමරත්න truenews.lk වෙත සඳහන් කළේ.

ඩුබායි මහාධිකරණයේ අදාළ නඩු පැවරීම සිදු කළ යුතුව ඇති අතර මෙම පිරිස වෙනුවෙන් පෙනිසිටීමේ අවස්ථාව මෙරටින් ගිය නීතිවේදින්ට හිමි නොවන අතර ඒ සඳහා එරට නීතිඥයන්ගේ සේවය ලබා ගත යුතු වනවා .

අලි මොහොමඩ් නම් වන නිලධාරියෙකු බර් ඩුබායි පොලිසිය වෙනුවෙන් මාකදූරේ මදූෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන අතර අදාළ පරීක්ෂණයට අදාළ බර් ඩුබායි පොලිසියේ වාර්තාව පහතින් දැක්වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *