හිජාබයක් පැළඳ පැමිණි ‘නවසීලන්ත අගමැතිනියට’ බර්ජ් කලීෆා ගොඩනැගිල්ල දැක්වූ ගරුත්වය

නවසිලන්ත අගමැතිනී ජසින්ඩා අර්ඩන්ට ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් ගේ සහ සිය උත්තමාචාරය පළ කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති සහ ඩුබායි පාලක අල් මොක්ටුම් ඇයට සුවිශේෂී ගෞරවයක් දක්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඕස්ට්‍රේලියා වෙඩික්කරුවෙකු විසින් නවසීලන්තයේ කයිස්ච්ර්ච් හි මුස්ලිම් දේවස්ථානයක ආගමික කටයුතු වල නිරතව සිටි ඉස්ලාම් බැතිමතුන් පනස් ⁣දෙනෙකු ඝාතනය කිරීමෙන් පසුව ඔවුන් සිහිපත් කිරීමට පැවති ඉස්ලාම් අගාමික ⁣වැඩසටහනකට නවසීලන්ත අගමැතිනිය හිජාබයක් පැළද පැමිණියා.

ඇය එහිදී ඉස්ලාම් බැතිමතුන් අමතා සංවේදි කෙටි අදහසක් දක්වමින් කියා සිටියේ අපි සැවොම එකට සිටිනවා යන්නයි.

මෙලෙස නවසීලන්ත අගමැතිනියගේ මානුෂීය පියවරයන් අගයා එමීර අගමැති සහ ඩුබායි පාලකවරයා සිය ට්විටර් ගිනූමේ සටහනක්ද තැබූ සේම දැනට ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා හී ඇයගේ රුවින් ආලෝකවත් කිරීමට පියවර ගෙන තිබුණා.

බර්ජ් කලීෆා ගොඩනැගිල්ල 22 රාත්‍රියේදී නවසීලන්ත අගමැතිනිය අමානුෂික සිද්ධියට මුහුණ පාමින් ජීවිතය බේරා ගත් ඉස්ලාම් බැතිමතියක මහත් දායබරත්වය සනහාලන ඡායාරූපයෙන් දිස් වුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *