කුඩු ගහනවා ද.. අතිරේක උපකරණ තිබෙනවා ද? – බස් රථවල අද සිට කරන මෙහෙයුම

බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ දැයි සොයා අද (01) සිට පුළුල් මෙහෙයුමක් සිදුකෙරෙනවා.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න කියාසිටියේ මගීන්ට ප්‍රවේශ පත්‍රයක් ලබාදෙනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ද අද සිට වැටලීම් මාලාවක් ආරම්භ කරන බවයි.

මගීන්ට ප්‍රවේශපත‍්‍රයක් ලබාදීම අනිවාර්ය වුවත් මේ වනවිට එය නිසි පරිදි සිදු නොවන බවද සභාපතිවරයා පැවසුවා.

බස්නාහිර පළාතේ සියළු පෞද්ගලික බස් රථ සඳහා ලබාදී ඇති වර්ණයට පිටින් යමින් වෙනත් වර්ණයක් භාවිතා කර තිබේනම් ඒවා වහා නිවරැදි විය යුතු බවද ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම අද සිට ආරම්භ කෙරෙනවා. ඒ අනුව අද සිට ලබාදෙන මාස තුනක සහන කාලය තුළදී සියළු පෞද්ගලික බස් රථ අදාළ පැහැය ගැන්විය යුතුයි.

බස් රථවල අනවශ්‍ය අයුරින් ප්‍රදර්ශනය කර තිබෙන ස්ටිකර් වර්ග, විදුලි බුබුළු, ආලෝක පද්ධති, හෝන්, බස් රථ ඇතුලත සවිකර ඇති වෙනත් අතිරේක උපකරණ ආදී සියල්ලක් ඉතා කෙටි කාලයක් තුළ ඉවත් කරන බවද සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *