ත්‍රිරෝද හා යතුරුපැදිවලට නව මං තීරුවක් දීමෙන් බස් හිමියන් කැළඹේ – කරන්න හදන දේ මෙන්න

බස්රථ ධාවනය කරන ප්‍රමුඛතා මං තීරුවේම ත්‍රිරෝද රථ හා යතුරුපැදි ධාවනය කරවීමට ගෙන ඇති තීරණයන්ට බලවත් විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

අද (16 වැනිදා) සිට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට රථවාහන පොලිසිය ගෙන තිබෙන තීරණය හමුවේ ඊට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට හෝ අධිකරණ ක්‍රියා මාර්ගයකට යොමුවන බවද විජේරත්න මහතා සඳහන් කළා.

බස්නාහිර පළාත තුළ මගී බස් ධාවනය කිරීම සඳහා වෙන්කර තිබෙන ප්‍රමුඛතා මං තීරුව තුළ යතුරුපැදි හා ත්‍රිරෝද ධාවනය කිරීමෙන් අනතුරු වැඩිවිය හැකි බවද එවැනි අනතුරු වුවහොත් පොලිසිය ඒවායේ වගකීම භාරගත යුතු බවද විජේරත්න මහතා සඳහන් කර සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *