කාන්තාවන් ‘මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය’ රජයෙන් ගෙවා දමයි

දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් ලබාගෙන තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය රුපියල් කෝටි 125ක් රජය මගින් කපා හැර තිබෙනවා.

ඒ නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවලයි.

එම කාන්තාවන් ලබාගෙන තිබූ ණය රජය මගින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට ගෙවා ඇති අතර එම ගෙවූ බවට සහතික පත්‍රයක් කාන්තාවන්ට ලබාදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල කාන්තාවන් පරිභෝජනය නොවන කටයුතු සඳහා ලබාගත් රුපියල් ලක්ෂයකට අඩු ණය මෙලෙස කපා හැර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *