දැනට පවතින කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ 28ක වෙනස්කම් කිහිපයක් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.
එම අමාත්‍යාංශවල ආයතන, විෂයයන් සහ නම් වල වෙනස්කම් එසේ සිදුකිරීමට නියමිතයි.
ඇතැම් කැබිනට් අමාත්‍යාංශ විෂයන් රාජ්‍ය අමාත්‍යංශ වලටත්, රාජ්‍ය අමාත්‍යාංශ අතර ආයතන මාරුවීමට මෙන්ම ඇතැම් රාජ්‍ය අමාත්‍යාංශවලට අලුත් නමක් හඳුන්වාදීමටත් යෝජනා වී තිබෙනවා.
එළඹෙන සතියේ දී මෙම වෙනස්කම් සිදුකිරීම ඇතැයිද වාර්තා වනවා.
ඊට අමතරව තවත් සුළු වෙනස්කම් කිහිපයක් ද සිදු වනු ඇති.