ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100ක අතිරේක ණයක් ගැනීමට කැබිනට් අනුමැතිය

කොවිඩ් 19 උපායමාර්ගික සූදානම සහ ප්‍රතිචාරය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර දැක්වීම සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක අතිරේක ණය මුදලක් ලබා දීමට එකඟතාව පළකර තිබෙන අතර එයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව එම අතිරේක ණය මුදලින් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට සහ එන්නත් ලබාදීමේ කාර්යයන්ට අනෙකුත් පිරිවැය පියවීමට යොදා ගැනීමටයි නියමිත බවයි දැක්වෙන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *