ධම්මික පැණිය පානය කළ පුද්ගලයින් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබීම සම්බන්ධයෙන් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අද පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.
එහි ඔහු සඳහන් කළේ එන්නත ලබාගත් අයට ද ප්‍රශ්න ඇතිවන නිසා පැණිය හොඳ බවයි.
ප්රශ්නය – ධම්මික පැණිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක්වුණා. දැන් සායනික පරික්ෂණය සඳහා සති දෙකකට කලින් අවසරයත් ලැබිලා තිබෙනවා. මේ වන තෙක් කිසිම ප්‍රතිඵලයක් පිළිබඳව සඳහනක් කරලා නැහැ රජයෙන්. ඒ වගේම වාර්තා වනවා මේ සම්බන්ධයෙන් කරන සායනික පරීක්ෂණවලට විවිධ බාධාවන් තිබෙනවා කියලා. විශේෂයෙන්ම රෝගීන් යොමුකිරීමේදී යම්කිසි ආකාරයකින් ප්‍රමාදයන් සහ විවිධ බාධාවන් සිද්ධවෙනවා කියලා. මොකක්ද තීරණය ?
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල – “ ඒ සම්බන්ධයෙන් අපිට නිශ්චිත පිළිතුරක් දෙන්න බෑ මේ මොහොතේ. සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්තුමා මේ සම්බන්ධයෙන් වගකීම භාරගත්තා. මම විශ්වාස කරනවා ඉදිරියේ දී සායනික හා අනෙකුත් ප්‍රතිඵල ඔවුන්ගේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් අපිට දැනුම් දුන්නොත් අපි කථා කරන්නම්. මේ මොහොත වෙනවිට ඒ සම්බන්ධයෙන් වාර්තා වෙලා නෑ.“
ප්රශ්නය – මේ දිනවල පුවත්පත්වල දකිනවා ධම්මික පැණිය පානය කළ පියල් නිශාන්ත අමාත්‍යවරයා මේ වෛරසයට ගොඳුරුවෙලා තියෙනවා කියලා, ඒ වගේම කෑගල්ලේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් සහ ඔහුගේ පවුලම මේ පැණිය භාවිත කරලා වුණත් කොවිඩ් ආසාදනය වෙලා තියෙනවා?
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල – “එන්නතේ පවා අපි බැලුවොත් ගැටලු මතුවෙලා තියෙනවා. එන්නත ලබාගත් පිරිසගෙන් යම් ප්‍රතිශතයක් ගැටලුවලට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා පැහැදිලි සාක්ෂියක් කොහෙවත් නැහැ මේ වෛරසයට පිළියම් යොදපු. ඒ කියන්නේ ඔබ එන්නත ලබාගත්තොත් ඒ වගේම තමා. ඒ අනුව බැලුවම මේ පැණිය හොඳයි. මේ පැණිය ගැන වුණත් තව තොරතුරු හොයන්න ඕන මම හිතන්නේ නැහැ රජය විසින් මේක ප්‍රවර්ධනය කරනවා කියලා. නමුත් ඕනම කෙනෙක්ට පෙර සූදානම් වීම සඳහා ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. කොහොම වුණත් රජය නිල වශයෙන් භාවිත කරන්න කියලා තවමත් කියලා නැහැ ඒක තමයි ස්ථාවරය.“
Angnakoros abliqe kathane amathi kiyanne !