මේ දිනවල කේක් ගන්නවා නම් ‘අව් රශ්මිය නිසා’ මේ ගැනත් බලන්න

දැඩි අව් රශ්මියට නිරාවරණය වන ආකාරයට අලෙවිය තබා ඇති කේක්වල ප්‍රමිතිය පිළිබඳව ගැටලු ඇතිවෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනගේ සංගමය පෙන්වා දෙනවා.

මේ නිසා කේක් ශිතකරණවල තබා හෝ වියළි සිසිල් ස්ථානවල තබා කේක් අලෙවි කරණ ලෙසට ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා.

මීට අමතරව කේක් මිලදී ගන්නා ජනතාව කල් ඉකුත් වීමේ දිනයට අමතරව කේක් ගෙඩියේ ස්වරූපය පිළිබඳය දැඩි අවධානය යොමුකර මිලදී ගන්නා ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *