එමිරේට් රාජ්‍යයේ සේවය කරන විදේශ ශ්‍රමිකයන්ට ‘පවුලේ අයත් ගෙන්වා ගන්න’ දැන් පුළුවන්

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සේවය කරන විදේශ ශ්‍රමිකයන්ගේ පවුලේ සාමාජිකයන් එරටට ගෙන්වා ගැනීම සඳහා නව නීති හඳුන්වා දී ඇති බව වාර්තා වනවා.

පවුලේ සාමාජිකයන් එමිරේට්යට ගෙන්වා ගැනීමේදි විදේශ ශ්‍රමිකයාගේ වෘත්තියට වඩා ආදායම් තත්ත්වය ගැන මූලික අවධානය යොමු කිරීමට එරට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

විදේශ ශ්‍රමිකයන්ගේ ජීවිත ප්‍රීතිමත් කර ඵලදායිතාවය වැඩිකිරීම නව නීති හඳුන්වාදීමේ මුලික අරමුණ වු බව මානව සම්පත් අමාත්‍ය, කසීර් අල්-තානී අල්-හම්ලි ප්‍රකාශ කර සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *