බීජ රෝපණය කිරීමෙන් වැළකී ‘අතු රිකිළි බද්ධ කරමින් කළ’ සූක්ෂම ගංජා වගාව (PHOTOS)

අක්කර 48 ක් විශාල පොල් ඉඩමක් තුළ මල් වගාවක් සිදු කරන මුවාවෙන් පවත්වාගෙන ගිය ගංජා වගාවක් වැටලීමට මාරවිල පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමත්වී තිබෙනවා.

ඊයේ (25) සවස නාත්තන්ඩිය – පනන්ගොඩ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එම ස්ථානයේ තිබී හොඳින් වැඩුණු ගංජා පැල 1100 ක් පොලිස් බාරයට ගෙන ඇති අතර සැකකරුවන් අතු රිකිළි බද්ධ කරමින් පැළ ලබාගෙන ඇති බවයි හෙළිව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් ගංජා පැළ ලබා ගන්නේ බීජ රෝපණය තුළින් උවත් සැකකරුවන් මෙහිදී ඉහත ක්‍රමවේදය සූක්ෂම ලෙස භාවිතා කර තිබෙනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *