ISISලාට තලේබාන්ලාට අපරාධ නොකර ඉන්නම බැරිද?

ත්‍රස්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් ප්‍රතිපත්ති වෙන් වෙන්ව ලොව රටවලට මෙන්ම සමස්තයක් ලෙස අන්තර්ජාතික ප්‍රජාවටද අඛණ්ඩව බාධා ඇතිකරමින් තිබෙනවා.

විශේෂයෙන් එක්සත් ජනපදයට 2001 වසරේදී එල්ලවූ කුප්‍රකට 9/11 ප්‍රහාරය හේතුවෙන් ගෝලීය ආරක්ෂාවට ඉස්ලාමිය ත්‍රස්තවාදයෙන් එල්ලවන අභියෝග සහ ඉන් ගෝලීය, කලාපීය සහ ප්‍රාදේශීය දේශපාලන ව්‍යුහයන්ට එල්ලවන බලපෑම පිළිබඳව නැවත සිතා බැලිය යුතු කාලසීමාවක් එළඹුණා.

සමස්තයක් ලෙස ත්‍රස්තවාදය සෑම විටම රේඛියව තනි ඉරක ගමන් කරන්නේ නැහැ. එය උපාය මාර්ග, අභිප්‍රේරණ සහ මූල්‍ය යාන්ත්‍රණයන් මෙන්ම කාලයත් සමග ගැටුම් පරිසරයන් තුළ සිය හැඩය වෙනස් කර ගන්නවා. 9/11 ප්‍රහාරය ගතහොත්, සෝවියට් සංගමයේ බිඳවැටීමෙන් අනතුරුව ලෝක බලවතා වන එක්සත් ජනපදයට ඊට මුහුණ දීමට සිදුවුණේ තනිවමයි.

තවදුරටත් දෙවන ලෝක යුද සමයේදී මෙන් ඇමෙරිකාවට මොස්කව්හි සහාය හිමිවන්නේ නැහැ. සරලව කිවහොත් ලොව බොහෝ තැන්වලදී ඒ ඒ රටවලට එල්ල වන ත්‍රස්තවාදී අභියෝග හමුවේ පෙර මෙන් වෙනත් රාජ්‍ය වල සහාය මත තවදුරටත් විශ්වාසය තැබීමේ හැකියාවක් නැහැ.

අද වන විට ත්‍රස්ත සංවිධාන ඉවයේ මුලික අරමුණින් බැහැරව වෙනත් අපරාධ සමග සම්බන්ධවී සිටින අතර රාජයන් වල වෙනත් අපරාධ සංවිධාන සහ ත්‍රස්ත සංවිධාන බොහෝවිට එකිනෙක සමග සබඳතා පවත්වා ගනු ලබනවා. එමනිසා අද වන විට ත්රස්ත සංවිධාන ලෙස ලඝු කිරීමකින් තොරව ත්රස්තවාදය සහ අපරාධ එකවිට මැඩලීමේ ක්රියාවලියේදී රාජ්යයන්ට සහ අනෙකුත් අන්තර්ජාතික ක්රියාකාරීන්ට කුමක් කළ හැකිද? යන සාකච්ඡාව ලොව පුරා මතුව තිබෙනවා.

මෙම ලිපියෙන් අපරාධ සහ ත්රස්තවාදය අතර සම්බන්ධය පිළිබඳ කෙටි හැඳින්වීමක් සපයනු ලබන අතර ඒවා එකිනෙක සම්බන්ධවී ඇති ආකාරය පිළිබඳව දළ විශ්ලේෂණයක් සිදුකෙරෙනවා. ISIS ලෙස පොදුවේ හැඳින්වෙන ඉරාකයේ සහ ලෙවන්ට්හි ඉස්ලාමීය රාජ්යය සංවිධානයේ ක්රියාකාරකම් සඳහා අවශ්ය මූල්ය පහසුකම් වෙනුවෙන් සිදුකෙරෙන අපරාධ පිළිබඳව අධ්යයනයක් මෙහිදී සිදුකෙරෙනවා.

අරමුදල් සුරක්ෂිත කිරීම සහ නඩත්තු කිරීමට සැමවිටම ලොව පුරා සිටින ත්රස්ත සංවිධාන මූලිකවම සැලකිල්ලක් දක්වනවා. සිය සටන්කරුවන්ගේ අවශ්යතා සැපිරීම, ආයුධ සහ උපකරණ මිලදී ගැනීමට, ආරක්ෂිත නිවාස පවත්වාගෙන යෑම මෙන්ම විවිධ රාජ්ය නිලධාරීන්ට අල්ලස් ලබා දීම වැනි ක්රියා වෙනුවෙන්ද ඔවුන්ට අඛණ්ඩ අරමුදල් සැපයුමක් අවශ්යයි.

කෙටියෙන් කිවහොත් ත්රස්ත සංවිධාන වලට සිය සංවිධානාත්මක හැකියාව පවත්වා ගැනීමට සහ එහි දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට තිරසාර මුදල් ප්රවාහයන් පැවතීම අනිවාර්යයි. ඔවුන්ට ම්ය්දල් සැපයීම බොහෝවිට එම සංවිධානය ක්රියාත්මක කලාපීය සහ ගෝලීය පරිසරය මත දැඩි ලෙස රඳා පවතිනවා. නිදසුනක් ලෙස එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර ද්වි ධ්රැවීය සීතල යුද්ධ ගැටුම පවතින වකවානුවේ අදාළ අනෙක් පාර්ශ්වයට විරුද්ධව ක්රියාත්මක වීම සඳහා වෙනත් සන්නද්ධ ත්රස්ත කණ්ඩායම්වල සහාය අවශ්ය වුණා.

එමනිසා වොෂින්ටන් හෝ මොස්කව් වෙතින් අරමුදල් ලබා ගැනීම හරහා බොහෝ ත්රස්ත සංවිධාන නඩත්තු වුණු බව නොරහසක්. එමනිසා ත්රස්ත සංවිධානවල මූල්ය තිරසාරභාවය බොහෝ විට විවිධ ආකාරයේ රාජ්ය ආධාර සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී පැවතිනවා. නිදසුනක් ලෙස වියට්නාම් යුද්ධයේදී ඇමෙරිකාවට එරෙහිව සෝවියට් සංගමය වියට් කොං ගරිල්ලන්ට සැලකිය යුතු බුද්ධි සහයක් ලබා දුන් අතර ඒ හා සමානව සෝවියට්-ඇෆ්ගන් යුද්ධයේදී සෝවියට් පරාජයට ප්රධාන සාධකයක් වූයේ එක්සත් ජනපදය ඉස්ලාමිය ‘මුජහිදීන්’ සටන්කාමීන්ට සහයෝගය ලබාදීමයි.

සීතල යුද්ධයේ අවසානයත් සමග මෙම මූලෝපායික සහයෝගයන් බිඳවැටුණු අතර ත්රස්ත සංවිධානවලට අරමුදල් හිඟ වුණා. එහෙත් ගෝලීය වෙළඳ ලිබරල්කරණය වේගවත් වීමත් සමග අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ සඳහා සූරාකෑමට හැකි නව සැපයුම් දාමයන් නිර්මාණය නිර්මාණය වුණා. නව ලිබරල්කරණය හේතුවෙන් ගෝලීය සැපයුම් දාම හරහා නීති විරෝධී වෙළඳාම සඳහා අවස්ථාවන් නිතැතින්ම බිහිවීම වැළක්විය නොහැක්කක්.

නිදසුනක් ලෙස ‘උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම’ (NAFTA) ක්රියාවට නැංවීමෙන් පසුව මෙක්සිකෝවේ සිට එක්සත් ජනපදයට මත්ද්රව්ය ප්රවාහනය සලකිවයුතු ලෙස ඉහළ ගියා. වෙළඳ ලිබරල්කරණය සහ ගෝලීය සන්නිවේදන මෙන්ම ප්රවාහන තාක්ෂණයේ වේගවත් සංවර්ධනය සංවිධානාත්මක අපරාධ අන්තර්ජාතිකකරණයට උපකාරී වී ඇති අතර ස්වාභාවික සම්පත් සහ වන ජීවීන්ගේ සිට නීති විරෝධී ලෙස මිනිසුන් ප්රවාහනය කිරීම දක්වා වැඩි වැඩියෙන් ගෝලීය නීති විරෝධී භාණ්ඩ වෙළඳාමට ඉඩ සලසා තිබෙනවා. සීතල යුද්ධයේ අවසානය, පසුකාලීනව අන්තර්ජාතික අපරාධ සංවිධානවල නීති විරෝධී ක්රියාකාරකම් සඳහා හිතකර ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමට හේතු වුණා.

එතැන් සිට 9/11 ප්රහාරය දක්වා එම නිදහස ත්රස්ත සංවිධාන විසින් භුක්ති වින්දත් 9/11න් පසුව රාජ්ය අනුග්රහය ලබන ත්රස්තවාදයට අරමුදල් සැපයීමට එරෙහිව ගෝලීය මර්දනයක් ක්රියාත්මක වුණා. මෙලෙස රාජ්ය අනුග්රහය හීන වී ඇති හෙයින් ත්රස්ත සංවිධාන දැන් ආදායම් උත්පාදනය කිරීමේ මාධ්යයක් ලෙස අපරාධ ක්රියාකාරකම්වල වැඩි වැඩියෙන් සම්බන්ධ වී සිටින බව දැකගන්න පුළුවන්. නිදසුනක් වශයෙන් ත්රස්ත සංවිධාන වෙනත් අපරාධ කල්ලි වෙනුවෙන් නීති විරෝධී භාණ්ඩ ප්රවාහනය වැනි නිශ්චිත කාර්යයන් ඉටු කරන අතර එමගින් ආකර්ශනීය ආදායම් ලබාගන්නවා.යුරෝපය වැනි කලාපවල වෙළඳ බාධක මුලිනුපුටා දැමීම හේතුවෙන් දේශසීමා බොහෝ විට විනිවිද යාමද පහසු වී තිබෙනවා.

ත්රස්තවාදී සහ වෙනත් අපරාධ කණ්ඩායම් අතර මෙම සම්බන්ධය වඩාත් තීව්ර වීමත් සමගම වර්තමාන ලෝකයේ මෙම දෙපාර්ශවය අතර ඇති වෙනස්කම් වඩ වඩාත් බොඳ වෙමින් පවතිනවා. අරමුණු අතින් වෙනස් වුවත් මේ දෙපාර්ශවයම ප්රචණ්ඩත්වය සහ බලහත්කාරය භාවිත කරනවා. දෙපාර්ශ්වයම බොහෝ දුරට ඔවුන් ක්රියාත්මක වන රාජ්යයට විරුද්ධ වන අතර සෑම විටම පාහේ ජාතික නීතිය ක්රියාත්මක කරන ආයතනවලට එරෙහිව ක්රියාත්මක වෙනවා.එමනිසා ඔවුන්ගේ නිශ්චිත අභිප්රේරණ නිර්වචනය අනුව වෙනස් වුවත් යටින් පවතින මෙහෙයුම්වලදී සහයෝගීතාව සඳහා සැලකිය යුතු වෙන්කෙරෙනවා.

අපරාධ සහ ත්රස්තවාදී සම්බන්ධයේ ගතිකත්වය කොලොම්බියාවේ නූතන ඉතිහාසය තුළ විශේෂයෙන් දැකිය හැකි වෙනවා. 1970 ගණන්වලදී කොලොම්බියාවේ ප්රධාන අපනයනය බවට කොකේන් පත්වුණා. කොකේන් වගා කිරීම සහ අපනයනය සංවිධානය කරන ලද්දේ විශාල වෙළඳපල කොටස් සහ ලාභ සඳහා එකිනෙකා සමඟ තරඟ කරන විවිධ අපරාධ සන්විධාන විසින්. එවැනි ඇතැම් සංවිධාන එමගින් විශාල ලෙස ධනවත් වූ අතර එමඟින් දේශපාලනිකවද බලය පැතිරවීමට හැකියාව ලබාගනු ලැබුවා. කාලයාගේ ඇවෑමෙන්, කාටෙල් විසින් ත්රස්තවාදී ක්රියාවන් හරහා දේශපාලන බලය ක්රියාත්මක කිරීමට මෙම බලපෑම උපයෝගී කර ගනු ලැබුවා. අවසානයේ අපරාධ මදලිලා වෙනුවෙන් බලය ඉල්ලා සිටි ජනාධිපති අපේක්ෂක සීසර් ගවිරියා ඉලක්ක කර ගනිමින්, මෙම දෙපාර්ශ්වයම විසින් කොලොම්බියානු මගී ගුවන් යානයක් වන Avianca 203 බිම හෙළා, මගීන් 107 දෙනා මරා දැමීම එහි කුප්රකටම අවස්ථාවක් වුණා.

මේ දෙපාර්ශවය අතර එකිනෙක යානොවන තවත් සමානකම් පවතිනවා. අපරාධ කණ්ඩායම් වලට දේශපාලන අස්ථාවරත්වය නිසා ඇති වන ‘අවනීතිය’ ආර්ථික වශයෙන් ප්රයෝජන ගත හැකි අතර ත්රස්ත සංවිධාන වලට අපරාධ සංවිධානවල එම මැදිහත්වීම සිය දේශපාලන ක්රියාකාරකම් සඳහා පහසුවෙන් භාවිත කළ හැකියි. එමගින් දෙපාර්ශ්වයේම ආර්ථික හා දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඉඩ සලසා ගනු ලබනවා. මේ දෙපාර්ශවය අතර සබඳතා ගැඹුරු වන විට, කාලයත් සමඟ ඔවුන්ගේ ප්රායෝගික මෙහෙයුම් වඩ වඩාත් සමාන වීමට ඉඩ පවතිනවා.

මුලදී දේශපාලනික වශයෙන් අභිප්රේරණය වූ සංවිධාන මෙමගින් පසු කාලීනව ආර්ථික අවශ්යතා සලකා බැලීම් කෙරෙහිම පෙළඹවීමේ හැකියාව පවතිනවා. නිදසුනක් වශයෙන්, 1964 සිට කොලොම්බියානු රාජ්යයට එරෙහිව ගරිල්ලා යුද්ධයක් ක්රියාත්මක කරමින් සිටින කොලොම්බියාවේ වාමාංශික විප්ලවවාදී සන්නද්ධ හමුදාව (FARC), ගෝලීය මත්ද්රව්ය වෙළඳාමේ ප්රධාන අංගයක් ලෙසද දිගු කලක් ක්රියාත්මක වීම පෙන්වාදීමට පුළුවන්.

ISIS හෝ ISIL ලෙස පොදුවේ හඳුන්වන ‘ඉස්ලාමීය රාජ්යය’ හෝ ‘ඉරාකය සහ ලෙවන්ට්’යනු මූලික වශයෙන් ඉරාකයේ සහ සිරියාවේ ක්රියාකාරී ත්රස්තවාදී සංවිධානයක්. රැඩිකල් ඉස්ලාමීය සුන්නි සංවිධානයක් වන ISIS යුරෝපයේ ප්රහාර ඉරාකයේ සහ සිරියාවේ ඉරාකයේ සහ සිරියාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ 2014 දී සිය ශුද්ධවූ භුමිය (Caliphate) ප්රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් ප්රසිද්ධියට පත්වී තිබෙනවා. එහි පළමු නායකයා වූයේ ඇෆ්ගනිස්ථානයේ සෝවියට් සංගමයට එරෙහිව සටන් කරන අතරතුර ඔසාමා බින් ලාඩන් සමඟ සබඳතා ගොඩනඟා ගත් මුසාබ් අල්-සර්කාවි ය. 2006 දී ගුවන් ප්රහාරයකින් අල්-සර්කාවි මිය යාමත් සමඟ එක්සත් ජනපද ආක්රමණයේ මුල් වසරවලදී මෙම සංවිධානය දැඩි ලෙස පසුබසිනු ලැබුවා. එහෙත් 2011දී සිවිල් යුද්ධය පුපුරා යාමෙන් පසුව එය සිරියාව දක්වා ව්යාප්ත වුණා. අනතුරුව අල්-කයිඩා සමඟ සබඳතා අවසන් කළ ඔවුන් 2013 දී ISIS ලෙස සිය සංවිධානය නිල වශයෙන් නම්කරනු ලැබුවා.

මොසුල් සහ ටික්රිට් වැනි ප්රධාන නාගරික මධ්යස්ථාන සමඟ ISIS විසින් ඉරාකයේ සහ සිරියාවේ විශාල ග්රාමීය ප්රදේශයක් පාලනය කළ අතර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් පිළිබඳ කුප්රකට සංවිධානයක් බවට පත්වුණා. ISIS හිතාමතාම තමන් අල්ලාගෙන සිටි ප්රදේශවල ආගමික සහ වාර්ගික සුළු ජාතීන් ඉලක්ක කිරීමද සිදුකරනු ලැබුවා. සමූහ ඝාතන, ප්රසිද්ධියේ හිස ගසා දැමීම, ස්ත්රී දූෂණය සහ සංකේතාත්මක කුරුසියේ ඇණ ගැසීමේ සංදර්ශන භාවිත කරමින් ඔවුන් ජනයා යටපත් කරනු ලැබුවා.

එම බිය නිසා පාලනය කරන ප්රදේශ වල අවම වශයෙන් ජනතා එකඟතාවයක් ලබාගැනීමටද ඔවුන්ට හැකිවුණා. 2014-2015 සිට ISISට එරෙහි ත්රස්ත මර්දන මෙහෙයුම් වේගවත් වීමත් සමඟ ඔවුන් ඉරාකයෙන් සහ සිරියාවෙන් පිටත ත්රස්තවාදී ප්රහාර එල්ල කිරීමට පටන් ගනු ලැබුවා. එම ප්රහාර ප්රධාන වශයෙන් යුරෝපය වෙත යොමු වුණා. උදාහරණයක් ලෙස බ්රසල්ස්, මැන්චෙස්ටර් සහ පැරිස් පෙන්වා දෙන්නට පුළුවන්. ඒ සඳහා රයිෆල්, පිහි ප්රහාර සහ වැඩිදියුණු කළ පුපුරණ ද්රව්ය ISIS විසින් භාවිත කරනු ලැබුවා.

ඉරාකයේ සහ සිරියාවේ ප්රදේශ වලදී ඔවුන්ට පාලනය සහ ප්රායෝගික දේශපාලන ස්වාධිපත්යය පවත්වාගෙන යෑම සඳහා පාලනය කරන ලද ප්රදේශවල නිපදවන තෙල්වල ආදායම ඉවහල් වෙනවා. අනතුරුව ඩිජිටල් වෙළඳපොළට පිවිසෙන ඔවුන් තෙල් සහ ගෑස් නිස්සාරණය කර නීති විරෝධී වෙළඳපලවල විකිණීමට හැකියාව ලබාගන්නවා. එහි උච්චතම අවස්ථාවෙහිදී, ISIS දෛනික පදනමින් තෙල් අලෙවියෙන් ඩොලර් මිලියන 1.2ක් පමණ ලබාගෙන ඇති බව වාර්තා අනාවරණය කරනවා.

කෙසේවෙතත් භුමිය අහිමිවීමත් සමග ඔවුන්ගේ ආආයම් බිඳ වැටෙනවා.වෙනත් අපරාධ සඳහාISIS යොමුවන්නේ ඉන් පසුවයි. මෝසුල්හි බිදවැටීමෙන් පසු ISIS විසින් දේශීය බැංකුවකින් ඩොලර් මිලියන 400 කට වඩා සොරකම් කර තිබෙනවා. එසේම කප්පම් සඳහා පැහැර ගැනීම්, කප්පම් ගැනීම්, ජාවාරම්, මංකොල්ලකෑම් සහ සොරකම් ඇතුළු අනෙකුත් සාම්ප්රදායික සංවිධානාත්මක අපරාධ ක්රියාකාරකම්වල ද ISIS නිරත වී ඇති බවට සාක්ෂි ඕනා තරම් පවතිනවා.

මෙහිදී සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණ නම්, සාපරාධී ක්රියාකාරකම්වල යෙදෙන ත්රස්ත සංවිධාන සැලකිය යුතු බල පදනමක් හෝ සැලකිය යුතු භෞමික පාලනයක් නොමැතිව එවැනි අඩු පරිමාණ ක්රියාකාරකම් දිගු කාලයක් පවත්වා ගෙන යාමට සමත් වීමයි. එපමනක් නොව, වඩාත් සාම්ප්රදායික අපරාධ ක්රියාකාරකම් දෙසට හැරීමෙන් අදහස් වී ඇත්තේ ISIS නීතිවිරෝධී වෙළඳ ජාලයන් මත රඳා පැවතීමට තීරණය කර ති බවයි.

මූලික වශයෙන් දේශපාලනික සහ දෘෂ්ටිවාදාත්මක අරමුණුවලින් නිසැකවම අභිප්රේරණය වූවත්, ISIS හි බොහෝ ප්රායෝගික හැසිරීම් වෙනත් සාමාන්ය අපරාධ සංවිධානවල හැසිරීමට සමාන වෙනවා. අන්තර්ජාතික මත්ද්රව්ය වගාවට සහ වෙළඳාමට සහභාගී වීම ඒ සඳහා ඇති ප්රධානම උදාහරණයයි.

ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු ආක්රමණයට පෙර, තලේබාන් සංවිධානය විසින් හෙරොයින් නිෂ්පාදනය සඳහා ප්රධාන වන පොපි මල් වගාව තහනම් කර තිබුණා. කෙසේවෙතත්, ඇමරිකානු ආක්රමණය අතරතුර, එක්සත් ජනපද බලධාරීන් හෙරොයින් සහ අන්තර්ජාතික මත්ද්රව්ය වෙළඳාම තලේබාන්වරුන්ගේ ප්රධාන ආදායම් මාර්ගයක් ලෙස විශ්වාස කරනු ලැබුවා.

ISIS සහ තලෙයිබාන් යන දෙඅංශයේම සාපරාධී ක්රියාකාරකම් පෙන්නුම් කරන්නේ ත්රස්ත අරමුණු සමග නිතැතින්ම සාමාන්ය අපරාධද එක්ව ගමන් කර ඇති බවයි. ඒ අනුව අවසානයේ පෙන්නුම් කරන්නේ 21වැනි සියවසේදී ඒකාබද්ධව ක්රියාත්මක අපරාධ සහ ත්රස්තවාදී අභියෝගයන්ට, වෙන්වෙන්ව රාජ්යයන් වශයෙන් නොව එකාබද්ධව අන්තර්ජාතික ප්රජාව වශයෙන් මුහුණදීමට ලෝකයට සිදුව ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published.