කොවිඩ් පරදන්න අරමුදල් එකතු කළ ‘කපිතාන්’ කොවිඩ් ආසාදනය වීමෙන් අවසන් ගමන් යයි

කොරෝනා වසංගත සමයේ එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවාව සඳහා පවුම් මිලියන ගණනක ආධාර මුදල් එකතු කර දෙමින් වීරවරයෙකු බවට පත් වූ අවුරුදු 100ක් වයසැති දෙවැනි ලෝක යුද සමයේ එංගලන්ත රණවිරුවෙකු වූ කපිතාන් ශ්‍රීමත් ටොම් මුවර් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ විශිෂ්ඨ රණවිරුවා සම්බන්ධයෙන් එංගලන්ත මහරැජින ද සිය කණගාටුව පළ කළ බව සඳහන්.

ඉකුත් සතියේ කපිතාන් මුවර්ට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇතත් ඔහුව රෝහල්ගත කරනු ලැබුවේ ශ්වසන අපහසුතාවක් හට ගැනීම නිසා පෙරේදා (31දා ) දිනයේදීයි.

අවුරුදු 100ක් වයසැති කපිතාන් මුවර් ඉකුත් වසරේ එංගලන්තය මුහුණ පෑ පළමු කොරෝනා වසංගත රැල්ල සමයේ එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවාව සඳහා පවුම් මිලියන 32ක මුදලක් රැස් කර දී ඇත්තේ සිය 100 වැනි උපන්දිනයට පෙර දිනක ගෙවත්තේ වට 100ක් ඇවිදීමෙනුයි.

මෙම ක්‍රියාව සෞඛ්‍ය සේවයේ මෙන්ම එරට සෑම තරාතිරමකම අයගේ දැඩි ප්‍රශංසාවට ලක්වූවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *