ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දකුණු අප්‍රිකානු තරගය අවසානයේ පැවැත්වූ සාදයේ දී කුසල් ජනිත් පෙරේරා සහ සුරංග ලක්මාල් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන වීඩියෝව සමාජ මාධ්‍ය ජාලවලට මුදාහැර ඇත්තේ ශ්‍රී ලංකා ටෙස්ට් පිල නියෝජනය කළ පිතිකරුවකු බව වාර්තා වනවා.
ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ හිටපු පිතිකරු පුහුණුකරුවකු වනවා.
කණ්ඩායමේ අභ්‍යාසකයකු ලෙස කටයුතු කරන විදේශීය ජාතිකයකු විඩියෝ ගත කර ඇති මෙය පසුව හිටපු පිතිකරු පුහුණුකරුවකුට සහ කණ්ඩායමේ ප්‍රධාන නිලධාරියකුට යවා ඇති අතර හිටපු පිතිකරු පුහුණුකරු විසින් මෙය අන්තර්ජාලයට මුදාහැර ඇති බවයි පැවසෙන්නේ.
ඔහුගේ කොන්ත්‍රාත් ගිවිසුම අවසන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.