වත්මන් රජය පැනවූ බද්ද වර්ජනය කරන්න ‘එජාපයේ ඇමතිගෙන්ම’ ජනතාවට ඉල්ලීමක්

එක්සත් ජාතික පක්ෂ රජය විසින් හඳුන්වා දුන් කාබන් බද්ද වර්ජනය කරන ලෙස එම රජයේම අමාත්‍යවරයෙකු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම ඉල්ලීම සිදු කරන්නේ ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතායි.

සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටින්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක නොවන කාබන් බද්ද, කළුතර දිස්ත්‍රික්කය තුළ පමණක් ක්‍රියාත්මක කිරීම නීති විරෝධී බවයි.

අමාත්‍යවරයාගේ ෆේස්බුක් සටහන පහතින් දැක්වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *