පිළිකාකාරක පොල්තෙල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

මෙරටින් හමුවූ පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පත්කර තිබෙනවා.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් එම කණ්ඩායම පත් කර ඇති අතර, එහි ප්‍රධානත්වය දරන්නේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින්.

මේ අතර එම්.ටී. නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවෙන් මෙරට මුහුදේ සිදුවූ තෙල් කාන්දුව නිසා ඇතිවූ සාමුද්‍රික දූෂණය සම්බන්ධයෙන් රුපියල් බිලියන 3.423 ක වන්දියක් ඉල්ලා නීතිපතිවරයා විසින් අදාළ නෞකාවේ හිමිකරුවන් වෙත හිමිකම් අයදුමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම අයදුම ඔවුන්ගේ නීතීඥයන් වෙත යොමුකළ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කරන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *