කැරොලයින් ගේ කිරුළ අයර්ලන්ත රූ රැජිණට

2020 ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළදු කැරොලයින් ජූරි සිය කිරුළ ස්වෙච්ඡාවෙන් අත්හැරීමට ගත් තීරණයත් සමග එය මෙම තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත් අයර්ලන්ත විවාහක රූ රැජිණ සතු වන බව ලෝක විවාහක රූ රැජිණ සංවිධායක මණ්ඩලය පවසනවා.

ඒ අනුව 2020 නව ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ පළදින්නේ මෙම තරඟාවලියේ දෙවන ස්ථානය දිනාගත් අයර්ලන්ත විවාහක රූ රැජිණ වන කේට් ෂයින්ඩර්.

පසුගියදා මෙරට පැවැති 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගය අවසානයේ මතු වූ අර්බුදකාරී තත්ත්වයක් හේතුවෙන් කැරොලයින් ජූරි සිය ලෝක විවාහක රූ රැජිණ කිරුළ අත්හැරීමට තීරණය කළා..

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *