කතෝලික ආගමික නායකයන් අද පස්වරුවේ පාගමනක

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන්නැයි ඉල්ලා අද පස්වරුවේ සියලු කතෝලික ආගමික නායකයන් එක්කරගනිමින් පාගමනක් පවත්වන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අසල සිට කටුවාපිටිය දේවස්ථානය වෙත අද පස්වරු 3.45ට මෙම පා ගමන දියත් වනු ඇති බවයි සඳහන් වන්නේ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයේ දෙවන වර්ෂ පූර්ණ අනුස්මරණය කිරීම වෙනුවෙන් කොච්චිකඩේ දේවස්ථානයේ සංවිධානය කර තිබූ විශේෂ දේවමෙහෙයට එක්වෙමින්.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපති කොමිසමේ ඇති නිර්දේශ වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගතයුතු බව අවධාරණය කරන බවයි එහිදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම පරීක්ෂණ යහපත් දිශාවකට යොමුවන තුරු සිය අඛණ්ඩ විරෝධතාවන් දිගින් දිගටම පවත්වන බවයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *