ජනපතිට වැරදිලා – දෝෂාරෝපණයට මහ බැංකුවේ දෙවැනියාගෙන් උත්තර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකුවේ නිලධාරීන්ට දෝෂාරෝපනය කලේ වැරදි වැටහීමකින් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරනවා.

මහබැංකුවේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ට නිවැරදි තොරතුරු ලබා දී තිබූ බවත් එහි ප්‍රමාදයක් සිදු වූ බව පිළිගන්නා නමුත් ඒ සිදුව ඇත්තේ මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් බවත් ඔහු පවසනවා.

කොරෝනා හේතුවෙන් අඩාල වූ ව්‍යාපාර ගොඩනැගීම සඳහා රජය විසින් යෝජනා කර ඇති ණය ලබාදීමේ දී ඒවා නිකුත් කිරීමට වාණිජ බැංකු මැළි කමක් දක්වන බවත් ඒ අඩු පොලියට ලබා දෙන ණය පියවා ගත නොහැකි වුවත් විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිදුවේවි යැයි බියෙන් බවත් ඔහු පවසනවා.

දැනටමත් මහ බැංකුව විසින් රුපියල් බිලියන 300 ක් මුද්‍රණය කර ඇති බවත් තවත් රුපියල් බිලියන 120 ක් මුද්‍රණය කිරීම ගැන ඉක්මනින්ම තීරණය කරන බවත් ඔහු සඳහන් කළා.

You May also like

1 Comment

  1. සල්ලි අච්චු ගහලම රටට කෙලවන්නද කොහෙදෝ ලැහැස්තිය. ඔව් ඉතින් මී ළගට මඩකලපූව පැත්තේ තියෙන හිස් බිම් ටික චීන්නුන්ට දීලා දායිද දන් නෑ. කට්ටියම එකතුවෙලා .ඔහොම ගියොත් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *