වාහන ගෙන්වීම ගැන මහ බැංකුවෙන් යෝජනාවක්

මෙරටට වාහන ගෙන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරියේදී රජයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව මහ බැංකු අධිපතිවරයා පැවසීය.

අද (14) පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ, මෙරටට වාහන ආනයනය කිරීමේදී සියලු ආනයන වියදම් විදෙස්වල ඇති මුදල් පමණක් භාවිත කර සිදුකිරීමේ නව ක්‍රමවේදයක් පිළිබඳව එහිදී යෝජනා කරන බවය.

“වාහන සම්බන්ධයෙන් යම් බුබුලක් ඇතිවෙනවා අපි දකිනවා. ඒ තුළින් සමහරවිට අපේ පද්ධතියට යම් හානියක් වෙන්න පුළුවන් ඉදිරි කාලයකදී. ඒ නිසා අපේ යෝජනාවක් තිබෙනවා, වාහන ගෙන්වීමට පුළුවන් නම් පිටරට මුදල්වලින්. ඊටත් අමතරව පිටරට මුදල්වලින් ගෙවීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් නම් ඒ තුළින් විදේශ විනිමය ගලාඒමක් සිදුවෙනවා. අවශ්‍ය භාණ්ඩයත් ලැබෙනවා. හෙට අනිද්දා වෙනකොට අපි රජයට ඒ පිළිබඳව ලිඛිතව දන්වන්න බලාපොරොත්තු වෙනවා.”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *