පිය සෙනෙහසේ අඩුව නොදැනෙන්නට අම්මා කළ මෙහෙවර ‘චාමර අවසන් මොහොතේ වෙනස් අයුරකින්’අගය කළ සංවේදී ආකාරය

‘නුඹේ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ …’

ගුණදාස කපුගේ ගායන ශිල්පියාණන් ගැයූ ඒ පදවැල හදවතේ ගායකයා ලෙසින් තරුණ පරපුර සලකනු ලබන ගායන ශිල්පී චාමර වීරසිංහයන් තම මවගේ අවසන් මොහොත වෙනුවෙන් ඇගේ නිසල දේහය පෙනෙන මානයේ සටහන් කර තිබෙනු දක්නට ලැබිණ..

තාත්තා නැති පවුලේ චාමරත් ඔහුගේ මල්ලීත් අයියාත් අක්කලා තුන්දෙනාත් රැකබලා ගැනීමට මේ අම්මා විඳි දුක අපමණය.ඔහු මේ පද වැල අම්මාගේ අවසන් මොහොතේ සිය අතින්ම පින්සල ගෙන සටහන් කරන්නට ඇත්තේ ඇය වින්ද වේදනාව ඔහුද දුටු නිසා විය හැකිය.

අවසානයේ තම දරුවන් වෙනුවෙන් සිය දිවිය කැපකළ ඒ අම්මා වෙනුවෙන් චාමර සිය ෆේස්බුක් ගිණුමේ ද මෙවන් සටහනක් තබා තිබිණ..

‘පිපෙන හැම මලක්ම පවසාවි ජීවිතය යනු පරවීම බව..
අහිමි පිය සෙනෙහසේ අඩුව නොදැනෙන්නට
අවසන් හුස්ම පොද නිදහස් වාතලයට මුදා හරිනතෙක්
මමත් මල්ලීත් අයියත් අක්කලා තුන්දෙනාත්
සිය සුස්මමෙන් රැකබලාගත් මගේ අම්මාට උත්තම නිවන් සුව..’

චාමරයන් තම අම්මාගේ ගුණ ගයන්නට නොහැකිවූ තැන ගුණ ලියූ ආකාරයයි මේ…

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *