ඇමති චම්පිකා ප්‍රේමදාස එජාපයෙන් සමුගන්න සුදානම්..දැදිගම එජාපය රත් කරන ලකුණු

දැදිගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට වසන්ත සේනානායක මහතා පත් කළහොත් තමා අනිවාර්යයෙන්ම දේශපාලනයෙන් ඉවත් වී ගෙදර යෑමට තීරණය කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා අවදාරණය කර සිටිනවා.

එම තීරණය ක්‍රියාත්මක වුවහොත් ඊට විරෝධය පළකරමින් තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන්ද ඉල්ලා අස් වී එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයෙන් සමුගෙන ගෙදර ගොස් තමාට හැකි ප්‍රමාණයෙන් සමාජ සේවා කටයුතුවල නිරත වන බවයි චම්පිකා ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

තමා දැදිගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට වසන්ත සේනානායක මහතා පත් කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා බවත් මේ ගැන කබීර් හෂීම් මහතාට තමා දැඩි විරෝධය පළ කරන බවත් චම්පිකා ප්‍රේමදාස රාජ්‍ය ඇමැතිවරයා පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *