හතුරුසිංහ නිසා ක්‍රීඩකයන් බෑ කියලා.. හදිසියේම පුහුණුකරු ලංකාවට ගෙන්වන සුදානමක් !

ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහව දකුණු අප්‍රිකාවේ සිට හදිසියේම ශ්‍රී ලංකාව ගෙන්වා ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

කණ්ඩායමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සිව්වැනි එක්දින තරගයෙන් පසුව ප්‍රධාන පුහුණුකරුවාට ගෙන්වා ගැනීමට නියමිතව ඇතැයි වැඩිදුරටත් පැවසෙනවා.

ලෝක කුසලාන ඉලක්ක කරමින් ඔහුව මිලියන හයකට වැඩි වැටුපකට ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් පත්කළද ලෝක කුසලානට පෙර තරගාවලියද පරාජය වීමෙන් හතුරුසිංහ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ක්‍රීඩා ඇමැතිවරයා මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇතැයි ආරංචි මාර්ගවලින් වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වාගෙන් පුවත්පතක මාධ්‍යවේදියෙක් විමසා ඇති අතර ‘‘හතුරුසිංහව ගෙන්වනවා කියලා දෙයක් නැහැ. එයාට කොන්ත‍්‍රාත්තුවක් තියෙනවා 2020 වෙනකම්. අපි එහෙම තීරණයක් ගෙන නැහැ. කවුරු හරි කියන බොරුවක් වෙන්න ඇති එයාව ගෙන්වනවා කියන.’’ යනුවෙන් ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ පසුගිය මාස 15 ක කාලය තුළදී ශ්‍රී ලංකාව සහභාගි වූ එක්දින තරග 20 කදී ජය ලබා ඇත්තේ තරග හයක් පමනයි.

කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සූදානම් වුවද පුහුණුකරුවාගේ ක්‍රියාකලාප හේතුවෙන් ඔවුන් එම තනතුර ප‍්‍රතික්ෂේප කරන තත්ත්වයක්ද උද්ගතවී ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයාට වාර්තා වී අතර එම සියලූ කරුණු සලකා බලා ක්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු විසින් අදාළ තීන්දුව ගන්නා බවට වැඩිදුරටත් සදහන් වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *