රෝයල් පාටියෙන් රටම හෙල්ලූ චන්දිමාල් මෙවරත් අමුතුම සාදයකට සූදානම් (Photos)

චන්දිමාල් ජයසිංහ කියන්නේ ලංකාවේ ජනප්‍රිය මෝස්තර නිර්මාණ සහ රූපලාවණ්‍ය ශිල්පියෙක්. ගිය අවුරුද්දේ චන්දිමාල් පවත්වපු රෝයල් තීම් උපන්දින සාදය ලංකා​ව ඇතුළේ ලොකු ආන්දෝලනයක් ඇති කරවන්න සමත් වුණා. එහිදී නිළියන්ගේ අඩ නිරුවත් රංගන ගැන සහ ත්‍යාග සඳහා වියදම් කරන ලද අධික මුදල සම්බන්ධයෙන් බොහෝ අය දොස් පවරනු ලැබුවා.

මේ වසරේත් මැයි 31 වැනි දින චන්දිමාල්ගේ උපන්දිනය යෙදී තිබුණත් පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ ඛේදවාචක​ය නිසා ඔහු තමන්ගේ උපන්දිනය එදි​න සැමරුවේ නැහැ. ඒ දිනය ඔහු පුණ්‍ය කටයුතු සඳහා වෙන් කළා. ඒ වෙනුවට ඔහු ජූලි 31, එනම් අද දවසේ සවස් භාගයේ හිල්ටන් හෝටලයේදී තම උපන්දින සාදය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බවයි දැනගන්න ලැබෙන්නේ.

මෙවරත් ඔහුගේ උපන්දින උත්සවය පසුගිය වතාවේ උත්සවයට දෙවෙනි නොවනු ඇති බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ අතර රාජකීය ඇඳුමින් සැරසුණු චන්දිමාල්ගේ ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවල පළවීමත් සමගම ඔහුගේ මෙවර සාදයත් රාජකීය තේමාවක් විය හැකි බවට කසු කුසු නැගෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *