අභාවප්‍රාප්ත එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීරගෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා හිටපු දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන පත්වීමට නියමිත බව වාර්තා වනවා.
ගජධීර මන්ත්‍රීවරයාගෙන් පසු මාතර දිස්ත්‍රික්කයේ සන්ධාන මනාප ලැයිස්තුවේ පසුවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධනයි.
කෙසේ වෙතත්, ඔහු මේ වන විට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ තිබීම හේතුවෙන් ඊළඟට එම ස්ථානය හිමි වන්නේ හිටපු දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේනටයි.