චන්න කෙහෙළිය අතර ගැටුමෙන් නිලධාරීන්ද දෙපිල් බෙදී ගැටේ

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය සහ රාජ්‍ය අමාත්‍ය චන්න වෙන්වෙන්ව කටයුතු කිරීම ආරම්භය ඔවුන් දෙපල අතරත් අදාල නිලධාරීන් අතරත් ගැටුම් උත්සන්න වී ඇති බව වාර්තා වේ. අමාත්‍යවරුන් දෙදෙනා දෙපැත්තකට වැඩ කිරීමත් ඔවුන්ගේ විරුද්ධ අදහස් නිසා නිලධාරීන් ද අසරණව සිටින බව පැවසේ. මේ නිසා සමහර නිලධාරී ඉල්ලා අස්වීමේ සුදමින් සිටින බව ද වාර්තා වේ.

විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය දා රාජ්‍ය අමාත්‍යවරයාට අයත් නිලධාරීන් ගැන මෙන්ම ඔහු යටතේ ඇති ආයතනය සම්බන්දයෙන් ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කර ඇති බව සේවකයෝ පැවසුවේය. දෙදෙනාගේ පිළිවෙත් දෙක දෙපැත්තට ඇදීමේ ප්‍රථිපලයක් ලෙස අමාත්‍යවරුන් දෙදෙනාට කැමති අකමැති සේවක පිරිස් ද දෙපැත්තකට වී ඇති බව ද පැවසේ.

මේ වන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ද ඉල්ලා අස්වන බවට වාර්තා විය. එමෙන්ම ඔහු සමඟ එහි කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ද ඉල්ලා අස් වන බව වාර්තා වේ. සියල්ලට අමාත්‍යවරයාගේ සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ දෙපැත්තකට දෝලනය වන ගැටුම් හේතු වී ඇති බව පැවසේ.

ඇමති කෙහෙළිය රාජ්‍ය අමාත්‍යංශය සතු බලතල තමන් යටතට ගන්නා උත්සහ කරන බවත් එහි ප්‍රකාශකයකු පැවසුවේය. මේවන විට ගැටුම් උත්සන්න වී නිලධාරීන් ප්‍රසිද්ධියේ ගැටීමට පටන් ගෙන ඇත.

කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් බලයේ සිටින අමත්‍යවරයා සමඟ ගැටෙන්නේ නම් එය ඉතාමත් දුලභ දෙයකි. මෑත කාලයේදී එසේ වූ අවස්ථාවක් නොමැති තරම්ය. මේ වන විට ඉතා බහුලව සිදුවෙමින් පවතින් එම තත්වයට හේතුව රාජ්‍ය අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශය අභිබවා බලය කෙන්ද්‍ර ගත කරගෙන තිබීමය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *