දළඳා පෙරහැර බැලීමට පැමිණ සිටියදී අතුරුදන්වූ දරුවා හමුවේ

දළඳා පෙරහැර බැලීමට පැමිණ සිටියදී අතුරුදන් වූ දරුවෙකු ඊයේ (04) රාත්‍රියේ අවිස්සාවේල්ල දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

දරුවා සමග පැමිණි සැකකටයුතු පුද්ගලයෙකුද මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 30 හැවිරිදි වියේ පසුවන පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

දරුවාගේ මව්පියන් විසින් දරුවා අතුරුදන්ව ඇති බවට මහනුවර පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර සිටියේ අපරාධකරුවන් විසින් විවිධ අරමුණු සඳහා ළමයින් රවටා රැගෙන යා හැකි බවයි.

එම නිවේදනය පහතින් දැක්වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *