ආදරණිය සිබිල් නැන්දා ‘සිය ජීවන කතාපොත නිම කරමින්’ දෑස් පියා ගනී

ළමා ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය සිය ජීවන ගමනින් සමුගත් බව TRUENEWS.LK ඔබ වෙත දැනුම් දෙන්නේ මහත් ශෝකයෙනි.

මෙරට දරු පරපුර වෙනුවෙන් අසහාය මෙහෙවරල් කළ ඇය කුඩා දරුවන් අතර වඩාත් ජනප්‍රිය වූයේ ‘ සිබිල් නැන්දා’ ලෙසය.

ඊයේ රාත්‍රී ජයවර්ධනපුර රෝහලට හදිසියේ ඇතුළත් කළ ඇය දැඩි සත්කාර ඒකකයේදී කළුරිය කර ඇත.

මියයන විට සිබිල් වෙත්තසිංහ මහත්මිය 93 වන වියේ පසු විය.

මෙරට ප්‍රවීන හා ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පිනියක් ද වන ඇය විසින් කුඩ හොරා, මැටි ගෙදර ළමයි, උඩ ගිය බබා, කුසුමලතා, දුවන රැවුල, අන්දරේ, සූත්තර පුංචා, මල්ලිටයි මටයි ආදී ළමා කෘති ගණනාවක් රචනා කරනු ලැබුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *