කොරෝනා ගැන චීන රජය සඟවද්දී ලොවට එය හෙළි කළ වෛද්‍යවරයාත් මරුට – මරණය සම්බන්ධයෙන් විමර්ෂණයක් !

චීනය විසින් කොරෝනා වෛරසය පිළිබඳව කරුණු සඟවා සිටියදී Weibo සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදු කළ මුලින්ම හෙළි කළ වුහාන් නගරයේ රෝහලක සේවය කරන Li Wenliang නම්වෛද්‍යවරයා ඊයේ (06) කොරෝනා රෝගය ආසාධනය වීමෙන් මරණයට පත්වූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දිගින් දිගටම එල්ලවන මහජන විරෝධතා හේතුවෙන් චීනයේ ජාතික අධීක්ෂණ කොමිසම විසින් එම වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් ද පත් කර ඇති බව එරට මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර සිටිනවා

Li Wenliang නම් මම වෛද්‍යවරයා වුහාන් හි පිහිටි රෝහලක සේවය කරමින් සිටි අතර ඉකුත් දෙසැම්බර් මාසයේදී නව කොරෝනා වෛරසය වැළදීමෙන් සිය රෝහලට රෝගීන් ඇතුලත් කිරිමත් සමගම ඔහු සිය විශ්ව විද්‍යාලයේ මිතුරන් සිටින Weibo සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

“හඳුනා නොගත් වෛරසයක් පැතිරෙමින් පවතිනවා. අපේ රෝහලේ වෛද්‍යවරුන් 07 දෙනෙක් මේ වන විට නිරෝධාන ඒකකයේ පරික්ෂාව යටතේ සිටිනවා. ඔබලා කල්පනාවෙන් පසුවන්න” Li Wenliang නම් වෛද්‍යවරයා සිය මිතුරන්ට අනතුරු අඟවා තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීම සෙසු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමග චීන බලධාරින් මෙම වෛද්‍යවරයාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරිමට පෙළඹුනා.

කෙසේ වුවත් චීන ජනතාව මෙම වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටිමත් සමග එරට ආරක්ෂක අංශ ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් වැලකී සිටියා.

කෙසේ වුවත් කොරෝනා රෝගයට ආසාධනය වූ රෝගීන් වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරිමට අමතක නොකළ වෛද්‍ය Li Wenliang මිට සති දෙකකට ඉහතදී තමන්ට ද නව කොරෝනා වෛරසය ආසාධනය වූ බවට හෙළිකර සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *